Showing posts with label nanda malini. Show all posts
Showing posts with label nanda malini. Show all posts

Friday, June 11, 2010

තුන්හෙළේ කෑළෑ තුළ සිංහ පැටවු - නන්දා මාලිනි (thun hele kele.. - Nanda Malini)

තුන්හෙළේ කෑළෑ තුළ සිංහ පැටවු
නැත උන් රට අතැර ගොසින්
කොටුකර යදැළින් ඇති සිංහ පැටවු
විළිවැද යති දැක හෙළයන්

සරු දෙරණ මකා තණ කබළ කකා
සිංහයෝ සිඟති එතෙරින්
සිහරදුනට දාවූ සිංහ පැටවු
තුටුවෙද අනුනගෙ ඉඳූලින්

අප ධජයේ ඉන්නා සිංහ පැටවු
පැන යන්නට පෙර මෙරටින්
පිටරටුන් දොරින් දොර සිඟා නොකා
සිත අලස සුවය දුරරින්

තුන්හෙළේ කෑළෑ තුළ සිංහ පැටවු
නැත උන් රට අතැර ගොසින්
කොටුකර යදැළින් ඇති සිංහ පැටවු
විළිවැද යති දැක හෙළයන්...