Wednesday, October 15, 2014

රන් තරු පායන - කීර්ති පැස්කුවල් ( Ran Tharu Payana - Keerthi Pasquel )

රන් තරු පායන අහස බලාගෙන
ඇයි ඔබ තව හිනැහෙන්නේ
මගෙ හද දිනු ආදරය සොරාගෙන
වෙනකෙ‍කු නොවැ අද න්නේ
මිහිර සොයාගිය මගෙ ජීවය දැන්
කඳුලැලි හා ලතවන්නේ
සමාවෙයන් සොඳුරියෙ තවමත් මා
අතමයි වරද තියෙන්නේ

කුඩා රුවල බැඳ තනිව සයුර මැද
ඈත අතීතය දෙස බැලුවේ
කොහේ සිටන් කොයිබට මා යාවිද
මටනම් නැහැ වැටහෙන්නේ

පලා දෙපළු කල හදවත දැන් නම්
කාට එකතු කල හැක්කේ
බලාගන්න සෙනෙහස තව ඔබටයි
මා හද තුල හැමවේලේ

Friday, June 14, 2013

My Dreams Are Roses (Live) - Ivor Dennis

දගකාර හැඩකාර - Sirasa Super Star



දගකාර හැඩකාර ඔබේ කම්බුල් වලට වඩා

මල් පෙති සිනිදු නෑ කියා මම දන්නවා
ඔබේ මිනි නිල් දෑස වසා ඔබේ
මගේ සිත උමතු කලා කියා ඔබ දන්නවා...//

ඔබ මලක් වෙල සොදුරු මගේ පපුව පුරා පිරිනු
නිමාවක් නැති ආදරේ කවුරුවත් දන්නේ නෑ
අපේ දිවි තිබෙන තුරා ඔබ මට ලෑබුනා කියා

දිවි මැදුර පුරා පිරිනු දෙව්දුවක් වෙලා තුරුලු
නිමාවක් නැති ජීවිතේ කවුරුවත් දන්නේ නෑ
සසරින් සසර සරා ඔබ මට ලෑබුනා කියා

දගකාර හැඩකාර ඔබේ කම්බුල් වලට වඩා...
මල් පෙති සිනිදු නෑ කියා මම දන්නවා
ඔබේ මිනි නිල් දෑස වසා ඔබේ
මගේ සිත උමතු කලා කියා ඔබ දන්නවා...//


ගායකයා : භාතිය සන්තුශ්, රොමේශ්, etc.

කවිකාරියේ(උණුහුම විඳ විඳ) | Kavikariye - Bathiya & Santhush



උණුහුම විඳ විඳ සියො ළඟ දැනුනේ මායා

සත්තයි ළඳුනේ ආවේ සඳවත පායා
සරාගී නුවන් චායා හදේ දැල්විලා මා
ඔබයි මාගේ පෙම් වස්සානේ //

කවිකාරියේ (කවිකාරියේ) 
මට හාදු දී (මට හාදු දී)
ඔබෙ දෑස මානේ හීන වස්සානේ
මායම් කතා (මායම් කතා)
මුළු රෑම වැහී (මුළු රෑම වැහී)
ඔබෙ කෝල දෑසේ පැටලි මා ඉන්නේ
අපෙ ආදරේ දැන් කවි පෙළක් වාගේ
අපෙ ආදරේ දැන් කවි පෙළක්

උණුහුම විඳ විඳ දෙතොලේ හැඟුමන් පාලා 
දෑඟිලි දිව්වේ කොපුලේ රැඟුමක් දීලා
නුරාගී බැලුම් සේයා දසුන් මත් කළා මා
ඇවිත් නේද පෙම් වස්සානේ

කවිකාරිය.............................

Thursday, March 28, 2013

නීල දෑසේ

නීල දෑසේ දුටුවා ඔබෙ පේ‍්‍රම ආලිංගයේ
ගීත රාවේ දැනුනා සොඳුරු දෙහද රන් සත්සරේ
මාහදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා
මිහිරාවියේ මාගේ

මුලකුරු ඔබයි මාගේ සෙනෙහසේ හොඩියේ
පිංචිලා ලියවූ දිනේ
සිත පෙම් පුරන මං සොයන මා ජීවිතේ
අනිමි සේ බැඳුනා නිල් නෙත් යුග මා
මා හදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා
මතකයන් වාගේ

හදවත උයන් තෙරේ පිනූ රස පළ වැලේ
ඔබ තමා නොඉඳුල් පළේ
රස සොයන බිඟු කැල විස දළ තුඩින්
සඳවමි දිවිපුරා මාගේ ආදරේ
මා හදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා
මතකයන් මාගේ

නීල දෑසේ දුටුවා.......



Kalu Kelle


"Manike Obe Sinahawe" - Neville Fernando & Rukmani Devi