Showing posts with label ධර්මරත්න සහෝදරයෝ. Show all posts
Showing posts with label ධර්මරත්න සහෝදරයෝ. Show all posts

Friday, June 11, 2010

මුළු ගතම වෙහෙසුනා - ධර්මරත්න සහෝදරයෝ ( Mulu gathama wehesuna - Dharmarathne Brothers )

දුප්පත් වෙලා... මම කම්මලෙ වෙහෙසෙනවා.....

මුළු ගතම වෙහෙසුනා, දහඩියෙන් නැහැවුනා
කුසගින්න නවා ගන්න මෙමා යකඩ තලන්නා
වෙහෙසීලා දුක් විඳලා... කම්මලේ යකඩ තලා...

පාන්දරින් නැගිටලා... දෙවියන් වැඳ පුදලා...
දරුවන් මුව සිඹලා... ගිනි මැලය දල්වලා...
යකඩ ගිනියම් කරලා... ගොනුට ලාඩම් හදලා...
ගැලට පණ උපදවලා... දවසෙ වැඩ අරඹාලා...

මුළු ගතම වෙහෙසුනා...

දඬු අඬුව තදකළා... යකඩෙ ඊට හයි කළා...
දෑත වාරුව යොදලා... පීර කිරි කිරි ගාලා...
පිහිය හැඩ වැඩ දාලා... මුවත පන්නර තියලා...
හැදුවෙ කම්මලෙ කියලා... මාගෙ වරුණෙ පෙන්නලා...

මුළු ගතම වෙහෙසුනා...

අඩ ඇණය ඇදවෙලා... යකඩ පට්ටම ගෙවිලා...
බර බාගෙ පෙරළිලා... මා ලඟට පැමිණිලා...
මම වරුණෙ පෙන්නලා... කඩි මුඩියෙ වැඩ කළා...
බර බාගෙ නැගිටලා... යළි යෑම අරඹලා...

මුළු ගතම වෙහෙසුනා...